මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ගුප්ත බලයක් තිබෙන බව ඔප්පු කළ-හොත් ලක්ෂ 10 ක් පිරිනමන බවට කරනු ලැබූ අභියෝගය බාරගැනීමට එක්තරා මහතෙකු ඉදිරිපත්ව සිටී. දේවාලයක් බාර කපු මහතකු වන ඔහු ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඉදිරියේ, මේ සඳහා සිය කැමැත්ත පළ කර තිබෙනවා.
මේ අනුව ඔහු විසින් නියමිත දිනයේ දී මෙම කොන්දේසි මාලාවේ අංක 1 වන ගිනි මැලයක් මත්තෙහි තත්පර 30 ක් නොපිළිස්සී සිටගෙන සිටීමේ අභියෝගයට මුහුණ දීමට නියමිතය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියෝග සම්බන්ධ නීති රීති වලට අනුව අභියෝග 12 ක් එක අභියෝගයක් හෝ ජයගැනීම රුපියල් ලක්ෂ 10 දිනා ගැනීම සඳහා ප්රමාණවත්ය. අදාළ කපු මහතා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිලධාරී මණ්ඩලය සමග කරන ලද සාකච්ඡාවේදී ඔවුන්ගේ සියලු කොන්දේසි වලට එකඟ වූ අතර, දැනට ඉතිරිව ඇත්තේ එම ගිනි පෑගීම සිදු කරන ස්ථානය තීරණය කර ගැනීම පමණි.
මෙම අභියෝගයට මුහුණ දෙන අවස්ථාව විනිශ්චය කරනු පිණිස ලක්බිම පුවත් පත් ආයතනයේ මාධ්‍යවේදියෙකු, ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නියෝජිතයකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු සහභාගී වනු ඇත. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහයෝගයද ලබා ගනු ඇත.
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය (0727449599) සභාපති සුරපාල (0777295200) සහ ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ (0773119398) යන මහතුන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.
කාලෝ ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ අභියෝග ඇතුලත් පෙර පුවත >> මෙතනින්
Kalo Fonseka's Challenge Has Been Accepted - මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙ අභියෝගය බාරගනී
Sunday, August 5, 2012
Subscribe to:
Post Comments (Atom)
1 Comments:
kawadada koheda???
Post a Comment