468X60 Ad

Earthquake In Sumatra - සුමත්‍රාවේ භූමිකම්පාවක්

Updated 7.10pm
සුනාමි අවධානමක් නෑ
ශ්‍රී ලංකාවට සුනාමි තර්ජනයක් නෑ. මුහුදු ආශ්‍රිතව ජීවත් වන ජනාතාවට දැන් බියකින් තොරව නිවෙස් කරා යා හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Updated 4.33pm
රිච්ටර් මාපක හයක පසු කම්පන තත්වයක්
මීට විනාඩි පහකට පමණ පෙර උතුරු ඉන්දීය මුහුදේ රිච්ටර් මාපක 6 ක අගයක් ගන්නා භූමිකම්පා තත්වයක් ඇතිවී තිබෙනවා. මෙයද ඇතැම් ලංකා වාසින්ටද දැනී ඇති බව වාර්තා වනවා.


Updated 4.00pm
අධීවේගී මාර්ගය නොමිලේ
ත්‍රීරෝද හා යතුරු පැදි හැර වෙනත් ඕනෑම වාහානයක ගස්තු නොගෙවා නැවත දන්වන තුරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි බව මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසයි.


Updated 3.55pm
ආරක්ෂිත ස්ථාන වලට යන්න
කලබල නොවී මාර්ග අවහිර නොකර ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.

අපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීමට පොලීසිය සූදානමින් සිටින බවත්, අනවශ්‍ය කලබල ඇති නොකර සාමකාමීව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අජිත් රෝහණ මහතා පවසයි.


Updated 3.40pm 
ශ්‍රී ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්

4:00 - ත්‍රිකුණාමලය
4.10 - දෙවුන්දර තුඩුව
4:50 - කොළඹ 

6:00 - යාපනය  

ලංකාවට සවස හතරට සුනාමි අවදානමක්
සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.

මෙම පුවත වාර්ථා වීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.


Updated 3.38pm 
තවමත් අවධානමක් විතරයි
භූමිකම්පාව ඇතිවූ ආසන්නයේ ඇති ඉන්දිනිසියානු දුපත්වලටද තවම සුනාමි තත්වයක් සිදුවී වී නොමැති බැවින් බිය නොවන මෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියා සිටිනවා.

මේ අතර මුහුදුබඩ දුම්රිය ගමන් තාවකාලිකව නතරකොට ඇත.

2.33pm
මීට ස්වල්ප මොහොතකට පෙර ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී රිච්ටර් මාපකයේ 8.9 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව වාර්ථා වෙනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල ගොඩනැඟිලි සෙලවීමක්ද වාර්ථා විය. මෙය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද් දැයි තවමත් වාර්ථා වන්නේ නැත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com