468X60 Ad

Nirosha Virajini's Crazy Lover Arrested - නිරෝෂා විරාජිනිගෙන් බලෙන් ආදරය ඉල්ලූ තරුණයා අත්ඩංගුවට

ජනප්‍රිය ගායන ශිල්පිණී නිරෝෂා විරාජිනිගේ ආදරය ඉල්ලමින් පසුපස ආ තරුණයෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තරුණයා නිරෝෂාගේ රසිකයෙකු වන අතර ඇය පසුපස පසුගිය අවුරුදු 1 1/2 ක කාලයක් තිස්සේ හඹාගොස් තිබෙනවා.

ඒ අනුව ඇය සහභාගී වන සංගීත ප්‍රසංග නැරඹීමට නිතර දෙවේලේ යාමට එම තරුණයා පුරුදු වී තිබෙනවා. නමුත් මෙම තරුණයාගෙන් සිදුවන කරදරය දිනෙන් දින ඉහල යාම හේතුවෙන් ඔහු පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට නිරෝෂා විරාජිනී තීරණය කොට තිබෙනවා.
පසුගියදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වූ ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණි නිරෝෂා දැක ගැනීමට පැමිණි එම තරුණයා ඇයට ළං වීමට සුදානම් වී තිබෙනවා. එම අවස්ථාවේදී අවට පිරිස් විසින් ඔහුව වලකා ඇත.

කෙසේ නමුත් ඉන්පසුව නිරෝෂා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුට කිසියම් මානසික රෝගයක් තිබෙනවාදැයි යන්න දැනගැනීම සඳහා ඔහු මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com