මෙම උපාධි විකුණන කඩය පිහිටා තිබෙන්නේ මහනුවර මහයියාව කියන ප්‍රදේශයේ කන්දක් මුදුනේ පිහිටා ඇති පංසලක වන අතර එම විහාරස්ථානයේ වැඩ වසන මල්දෙණියේ වජිරඥාන හිමි අතින් ඕනෑම කෙනෙකුට මෙම "මහාචාර්ය" පදවියේ සන්නස ලබාගත හැකිය.
මෙලෙස මුදලට උපාධිය පිරිනැමුයේ "සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය" මඟිනි. මේ වනවිට රුපියල් ලක්ෂ දෙක බැගින් අයකර 150 දෙනකුට පමණ ඇඳුරු මහැදුරු පට්ටම් දී ඇති මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ගාල්ලේ එස්. ඒ. කාරියවසම්ය.
මෙය හෙළි කරගැනීමට එම ස්ථානයට ගිය ලංකාදීප පුවත්පතේ දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මහතා තම මහාචාර්ය උපාධිය ලබාගැනීම සඳහා මුදල් වෙනුවට ලියුම් කවර වල බහා දී ඇත්තේ කොස් කොළයි. උපාධි ලෝගුව සහිතව ජායාරූප ගැනීමේ අවස්ථාවද එහිදී ඔහුට ලැබී තිබෙන අතර ඒ සඳහා වියදම් වී ඇත්තේ රු. 100ක් වැනි මුදලකි. ඒ වෙනුවට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවී තිබෙනවා.
පසුගිය ජනවාරි 22 වනදා ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් හා නිලියක වන වාසනා දන්තනාරායන මහත්මියද මෙම ස්ථානයෙන්ම ගෞරව උපාධියක් ලබාගෙන ඇත. ඒ පිළිබඳව ඇය ප්‍රකාශ කර සිටින්නේ ඇය කල සේවයට උපහාරයක් ලෙස "දේශ ශක්ති, දිරිය කාන්තා සම්මාන ආචාර්ය" උපාධියෙන් පිදුම් ලැබූ බවයි.
ලංකාදීප මාධ්‍යවේදියා රු. 100කට මහාචාර්ය උපාධිය ලබාගන්නා ස්ථානයේ සිටම වාසනා දන්තනාරායන මහත්මියද ආචාර්ය උපාධිය ලබාගන්නා අයුරු පහත ජායාරූප වලින් ඔබට දැකගැනීමට පුළුවන.
Click on the image to see large
මහාචාර්ය උපාධිය ලැබූ ලංකාදීප මාධ්‍යවේදියා
පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් ලංකාදීප මාධ්‍යවේදියා සමඟ
ලංකාදීප මාධ්‍යවේදියා මහාචාර්ය පදවිය ලබමින්
වාසනා දන්තනාරායන මහත්මියද උපාධිය ලබමින්
0 Comments:
Post a Comment