ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙපළක් වන මහේල හා සංගක්කර හවුල් වී ආරම්භ කරන ලද 'මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්' නැමති අවන්හලේ නාමය පිළිබඳව ගැටළුවක් පැන නැගී ඇතැයි වාර්ථා වේ.
කොළඹ කොටුවේ නවීකරණය කරන ලද පැරණි ඕලන්ද රෝහල් ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන මෙම අවන්හල පසුගිය දෙසැම්බර් මාසයේ මහේල, සංගක්කාර සහ දර්ශන් මුණිදාස යන තිදෙනාගේ මුදල් දායකත්වයෙන් ආරම්භ කරන ලද්දකි.
මෙම ව්‍යාපාරය ආරම්භයේදී 'ද ක්‍රැබ් කෝපරේෂන්' නමින් ලියාපදිංචි වී තිබුනද මේ වනවිට ව්‍යාපාරික ස්ථානයේ පුවරුවේ සහ ගණුදෙනු කටයුතු සඳහා 'මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්' යනුවෙන් භාවිතා කරමින් සිටී. එහි සිංහල තේරුම තේරුම කකුළුවන් පිළිබඳ අමාත්‍යාංශය යන්නයි.
ශ්‍රී ලාංකීය කිසිදු ව්‍යාපාරයක් සඳහා අමාත්‍යාංශ හැඳින්වීමට යොදන 'මිනිස්ට්‍රි' යන වචනය භාවිතා කිරීම නීති විරෝධී බව ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා බස්නාහිර බස්නාහිර පළාත් සභාවට දැනුම් දීමක් කොට ඇති බව වාර්ථා වේ.
Mahela & Sanga's "Ministry of crab" is illegal - මහේල සංගාගේ කකුළු අමාත්‍යාංශයේ නම නීති විරෝධියි
Tuesday, January 31, 2012
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment