
මෙහි ගනුදෙනු සියල්ල ජංගම දුරකතනය මගින් සිදුකෙරෙන අතර පොලිසිය ද ඒ අනුව රුපියල් 2500 බැගින් ගණිකාවන් දෙදෙනකු ජංගම දුරකතන ඔස්සේ ඇණවුම් කර තිබේ.කඩවත ප්‍රදේශයේ ලැගුම් හලක කාමර ගාස්තුවද අදාළ මුදලට එකතුකර ඇතැයි පොලිසිය පවසයි.ජංගම දුරකතනයෙන් දැනුම් දුන් පරිදි ගණිකාවන් දෙදෙනකුද රැගෙන හිමිකරු ත්‍රිරෝද රථයෙන් කඩවත මංකඩ පාරේ ස්ථානයකට පැමිණි අවස්ථාවේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් කුලියට ගෙන රැඳී සිටින කඩවත ප්‍රදේශයේ නිවෙසද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
අත්අඩංගුවට පත් තරුණියන් අවුරුදු 30-40 වයසේ පසුවන්නේය. අවශ්‍ය සේවා සපයන ජංගම දුරකතනයද පොලිසිය අත්අඩංගුවට ගෙන ඵබේ.ගම්පහ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පො.ප. උපුල් සමරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පො.ප. සුනිල් ප්‍රියන්ත, පො.සැ. කපුරු බණ්ඩාර (27337) ලක්මාල් (28511), නන්දලාල් (56810) අරුණ(32693) හා පො.කො. උදයන්ගනී (8363) මේ වැටලීම් කළහ.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කඩවත පොලිසියට භාරදී තිබේ.
0 Comments:
Post a Comment