468X60 Ad

40,000 Prostitutes In Sri Lanka - ලංකාවේ ගණිකාවෝ 40,000 ක්

ලෝකයේ පැරණිතම වෘත්තිය ලෙස විරුදාවලිය ලත් ගණිකා වෘත්තිය බොහෝ රටවල නීත්‍යානූකූල වෘත්තියක් ලෙස පවත්වාගෙන ගියද, සාරධර්ම වලින් පිරුණු ලංකාව වැනි රටක නම් එය අතිශය නීති විරෝධී වෘත්තියකි. එහෙත් මෙම වෘත්තිය ලංකාව තුළද රහසිගතව සීඝ්‍රයෙන්  වර්ධනය වෙමින් කරගෙන යන බව ආනාවරණය වන්නේ පසුගියදාක සිදුකළ සමීක්ෂණයක් මඟිනි.
මෙම සමීක්ෂණය සිදුකළේ එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ඒකකය විසිනි. ඔවුන්ගේ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් 80,000 ක් දිනකට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ සේවය ලබා ගනී.

මේ වන විට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 40, 000 ක් පමණ රට පුරා විසිරී සිටින බැවින් පිරිමි දෙදෙනකු හෝ තුන්දෙනකු ඉන් එක් කාන්තාවකගේ සේවය ලබා ගන්නා බව ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. කැසිනෝ සමාජශාලාවල සේවය කරන ඇතැම් ගණිකාවන් එක් පිරිමියෙකුට පමණක් සේවය සපයා උපයා ගන්නා මුදල, ගණිකා නිවාසවල හෝ වීදි ගණිකාවන් පිරිමි දෙතුන් දෙනෙකුට  සේවය සපයා උපයා ගන්නා මුදලට සමාන වෙන බවද වාර්තා වෙනවා.

එච් අයි වී ඒඩ්ස් මර්දන ඒකකය පවසන පරිදි මෙසේ ගණිකා සේවයේ යෙදෙන පුද්ගලයින් හෝ ගණිකාවන් ආරක්ෂක ලිංගික ක්‍රම භාවිතා කරන්නේ නම් රට තුළ එච්.අයි.වී. ඒඩ්ස් රෝගය හැකිතාක් දුරට පැතිර යාම අවම කර ගත හැක.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com