සඟරා තුනක ඇතුල් පිටුවල අඟල් දෙකක පමණ හතරැස් කොටු කපා එම කොටස ඉවත් කර ‘හෂීස්’ පැකැට්ටු ඒ තුළ දමා සඟරා සහිත පාර්සල් තුනක් එවන මුවාවෙන් මේ මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. මේ මත්ද්‍රව්‍ය බහා තිබූ සඟරාවක් පිටු 150කින් පමණ සමන්විතය.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගනු ලැබූ විදේශිකයා හා මත්ද්‍රව්‍ය සහිත පාර්සල් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදීමෙන් පසු එම පාර්සල් තුළ ඇත්තේ හෂීස් බවට හඳුනාගෙන ඇත.
ඉන්දියාවේ සිට එවා ඇති මේ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් තුන බාර ගැනීම සඳහා විදේශිකයන් දෙදෙනකු සැකකාර නිළිය විසින් කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවට එවා ඇතැයි පැවැසේ.

මේ පාර්සල් තුන ප්‍රසිද්ධ නිළියකගේ නමට එවා තිබුණු බව වාර්තා වේ.
මේ අනුව සැකකාර නිළිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
0 Comments:
Post a Comment